March 7, 2026

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳගේ නිවසේදී අද (07) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.

ජා-ඇල ශාන්ත ඈන්ස් පාරේ පිහිටි නිවසට වෙඩි තැබීම සිදු වූ බව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බව පොලිසිය තහවුරු කළේය.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදු කර පළායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.