March 3, 2026

පාකිස්තානයේ සැලසුම් කොමිසම විසින් මෑතකදී 2024-25 වසර සඳහා දිළිඳුකම සහ අසමානතා ඇස්තමේන්තු පිළිබඳ වාර්තාව නිකුත් කර ඇත.

පසුගිය වසර හය තුළ අසමානතාවය සහ දිළිඳුකම යන දෙකම ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පැහැදිලිවම පෙන්වා දෙයි.

මෙය පකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සිදු කරන ලද 2018-19 සහ 2024-25 වර්ෂවල ඒකාබද්ධ ගෘහ ආර්ථික සමීක්ෂණ දත්තවලට අනුව, ගෘහ ඒකකවල ආදායම් මට්ටම් සහ ඒවා බෙදීයාමේ රටාව සැසඳීම මත පදනම්ව සකස් කර ඇත.

එහි දත්ත අනුව ජාතික දිළිඳුභාවය 2018-19 වසරේ පැවති 21.9% සිට 2024-25 වන විට 28.9% දක්වා ඉහළ ගොස් ඇත.

ග්‍රාමීය දිළිඳුකම 28.2% සිට 36.3% දක්වා ඉහළ ගොස් තිබෙන අතර නාගරික දිළිඳුකම 11% සිට 17.4% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසර හය තුළ සාමාන්‍ය ගෘහ ඒකකයක සැබෑ ආදායම 27.5%කින් පහත වැටී ඇත.

බලෝකිස්තානය පකිස්ථානයේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස වාර්තා වන අතර එහි දිළිඳුකම 47% දක්වා ඉහළ ගොස් ඇත.