March 6, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව සහ දේශපාලන මණ්ඩලය අද දින පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයේදී රැස්විය.

මෙම රැස්වීමේදී පක්ෂ තීරණ කිහිපයක් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.