
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ 2026 මාර්තු 5 වන දිනට පෙර නෞකාවලට පටවන ලද රුසියානු බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවට අවසර දෙමින් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් විසින් දින 30ක සහන කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මෙම පියවර හරහා සම්බාධක පැනවූ නෞකාවලින් සිදුකෙරෙන ගනුදෙනු සඳහාද 2026 අප්‍රේල් 3 වැනි දින දක්වා අවසර හිමිවේ.
මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමට ඇමරිකානු පරිපාලනය දරන උත්සාහයට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත්කම අවධාරණය කරමින්, භාණ්ඩාගාර ලේකම් බෙස්න්ට් ඉන්දියාව හඳුන්වනු ලැබුවේ, ඇමරිකා එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙසයි.
ඔහු X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පැවසුවේ, ජනාධිපති ට්‍රම්ප්ගේ බලශක්ති ක්‍රියාවලිය හේතුවෙන් තෙල් හා ගෑස් නිෂ්පාදනය වාර්තාගත ඉහළම මට්ටමකට පැමිණ තිබෙන බවයි.
ගෝලීය වෙළඳපොළට තෙල් ගලායෑම අඛණ්ඩව පවත්වාගැනීම සඳහා, ඉන්දියානු තෙල් පිරිපහදු කරන්නන්ට රුසියානු තෙල් මිලදීගැනීමට ඉඩ සලසමින් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව දින 30ක තාවකාලික සහනයක් නිකුත් කරනු ලබන බව ද ඔහු එහි සඳහන් කළේය.
මෙම කෙටිකාලීන පියවර මගින් රුසියානු රජයට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙනු ඇති බවත්, මෙයින් අවසර ලබාදෙන්නේ දැනටමත් මුහුදේ නැවතී තිබෙන තෙල් නැව් සම්බන්ධ ගනුදෙනු සඳහා පමණක් බවත් ඔහු පැවසුවේය.
ඉරාන යුද්ධය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුකෙරෙන ඉන්ධන ප්‍රවාහන නෞකා කටයුතු අත්හිටුවා ඇති බැවින් ඊට තාවකාලික විසඳුමක් ලෙස අමෙරිකාව ඉන්දියාවට මෙම අවස්ථාව ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart