March 5, 2026

2026 වසරේ පළමු මාසය තුළ පමණක් අල්ලස් සම්බන්ධ පැමිණිලි 630ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

අල්ලස් වැරදි සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද කොමිසම තවදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අය අතර දේශපාලන නියෝජිතයන් තිදෙනෙකු විය.

මීට අමතරව, ජනවාරි මාසය තුළ අල්ලස් හෝ දූෂණ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

කොමිසමට අනුව, එම මාසය තුළ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් 437,420ක් විය.