
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පාලන සමයේදී ‘කපුවන්ටත්’ දේශපාලන හිතවත්කම් මත රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් නිකුත් කර ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර පැවසීය.
එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත පී. අකුරක් යොදා ‘කිරෙන් බාලකිරීමේ’ ක්‍රියාදාමයක් ද තිබූ බවත් හෙතෙම කීවේය.
‘ඇසි දිසි පියවර’ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට දැනුම, කුසලතා හා වෘත්තිය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් පසුගියදා (22) මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය.
“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 දී අය – වැය ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 50ක මුදලක් ද අමාත්‍යාංශය රුපියල් මිලියන 104ක් ද, තාක්ෂණ ප්‍රතිශතය වැඩි කිරීම සඳහා වෙන්කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ලබාදීමටත් මුදල් වෙන් කරලා තිබෙනවා. ඩිප්ලෝමා, පශ්චාත්, ආචාර්ය උපාධි වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට ගෙවීම සඳහා යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මාධ්‍ය හැඳුනුම්පත් 8100ක පමණ ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බව සමීක්ෂණයෙදී හෙළි වුණා. එය 4700 ක් දක්වා අවම කිරීමට පියවර ගත්තා.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart