
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහි ඇමරිකානු හමුදාවේ ප්‍රහාර වේගවත් කරන බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ.
ට්‍රම්ප් පරිපාලනයේ මෙම අනතුරු ඇඟවීම පැමිණෙන්නේ ඉරාන නායකත්වය ඉවත් කර එහි බැලස්ටික් මිසයිල වැඩසටහන ඉලක්ක කරගත් බව කියමින් රට පුරා දින දෙකක් එල්ල කළ ප්‍රහාරවලින් පසුවය.
‘‘අපගේ උපායික උත්සාහයන් පිළිබඳ විස්තර මම හෙළි කරන්නේ නැහැ, නමුත් දැඩිම පහරදීම් තවමත් එක්සත් ජනපද හමුදාවෙන් සිදුකර නැහැ,’’ ඔහු කැපිටල් හිල් හි වාර්තාකරුවන්ට පැවසීය.
‘‘ඊළඟ අදියර ඉරානයට දැනට වඩා දඬුවම් වන මට්ටටමේ එකක්.’’යනුවෙන් ද ඔහු පැවසීය.
ඉරානය ඉලක්ක කර ගැනීමට අදාළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරය පිළිබඳ කොංග්රස් සාමාජිකයන්ට දැනුම් දීම සඳහා රුබියෝ කැපිටල් හිල් වෙත ගොස් තිබිණි.
ඔහු එක්සත් ජනපද අරමුණු පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් ලබාදුන් අතර, අවධානය යොමු වූයේ එරට බැලස්ටික් මිසයිල වැඩසටහන විනාශ කිරීමට බවත් එය ඔවුන් න්‍යෂ්ටික අරමුණු වෙනුවෙන් ඉන්ධන සැපයීම සඳහා පලිහක් ලෙස භාවිත කරන බවටත් ඔහු තර්ක කළේය.
ඉරානය එක්සත් ජනපදයට ‘හදිසි තර්ජනයක්’ එල්ල කර ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය රුබියෝ වාර්තාකරුවන්ට නැවත අවධාරණය කළ අතර, එම ව්‍යාපාරය දියත් කිරීමට ට්‍රම්ප්ට කොංග්‍රසයෙන් අවසරය අවශ්‍ය නොවීය.
ඩිමොක්රටික් පක්ෂය එයට විරුද්ධ වී තිබිණි.
විදේශ සබඳතා කමිටුවේ ඉහළම ඩිමොක්රටික් පක්ෂ සෙනෙට් සභික ජීන් ෂහීන්, සාකච්ඡාවෙන් පසුව පැවසුවේ පරිපාලන නිලධාරීන් ප්‍රහාරය සාධාරණීකරණය කිරීම සඳහා තර්කයක් ලබා දුන් නමුත් එම තර්කයට සැළකිව යුතු සහයෝගයක් සපයන කරුණු බෙදා නොගත් බවයි.
අනෙකුත් ඩිමොක්රටික් පාක්ෂිකයන් පැවසුවේ මෙම සාකච්ඡාව පිළිතුරුවලට වඩා ප්‍රශ්න මතු කළ බවයි.
‘‘අරමුණ කුමක්ද? පිටවීමේ සැලැස්ම කුමක්ද? ඉරාන ජනතාව වීදිවලට යන ලෙස ඔහු කළ ඉල්ලීම මත ඔවුන් නැගී සිටියහොත්, දැන් අපට ඇති බැඳීම කුමක්ද,’’ බුද්ධි කමිටුවේ ඉහළම ඩිමොක්රටික් පාක්ෂිකයා වන සෙනෙට් සභික මාර්ක් වෝනර්, මූලික ප්‍රහාරවලින් පසු ට්‍රම්ප්ගේ අදහස් ගැන සඳහන් කරමින් විමසීය.
රුබියෝ කොංග්‍රසය සමඟ පරිපාලනයේ සන්නිවේදනය ආරක්ෂා කළ අතර මෙහෙයුමට පෙර රාත්‍රියේ ඔහු කොංග්රස් නායකයන් පෞද්ගලිකව ඇමතූ බව පැවසීය.
‘‘අපි නීතියට සියයට සියයක් අනුකූල වුණා,’’ ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
ඉරානය දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට අවශ්‍ය නැති බව අවධාරණය කර ඇත.
තම බැලස්ටික් මිසයිල කලාපයේ ඇමරිකානු හමුදාවන්ට මෙන්ම ඇමරිකානු සහචරයන්ටද පහර දිය හැකි වුවද, එක්සත් ජනපදයට සෘජුවම ඉලක්ක කිරීමේ හැකියාවක් එයට නොතිබිණි.
එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාර මගින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ තවත් ඉහළ පෙළේ නායකයන් දුසිම් ගනනක් මරා දමා ඇතත්, පාලන තන්ත්රය වෙනස් කිරීම ඉලක්කය බවට වන චෝදනා රුබියෝ ප්‍රතික්ෂේප කළේය.
ඉරානය සමඟ දැනට රාජ්‍ය තාන්ත්‍රික හුවමාරුවක් සිදු නොවන බව ඔහු පැවසීය.
ගොඩබිම් හමුදා යෙදවීම ඔහු ප්‍රතික්ෂේප කර නැතත් එක්සත් ජනපදය දැනට ගොඩබිම් ආක්‍රමණයකට පෙනී නොසිටින බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart