
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් පෙබරවාරි 28 වන දින ඉරාන ප්‍රහාර ආරම්භ වූ දා සිට තම ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක පද්ධති බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සිය ගණනක් වළක්වා ඇති බවත්, එම ප්‍රහාරවල ප්‍රතිපලයක් ලෙස පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැවසීය.
එමෙන්ම ඔවුන් තහවුරු කරන්නේ ඉරාන ප්‍රහාර හමුවේ පුද්ගලයන් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සහ ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු ද සිටින බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ප්‍රහාර ආරම්භයේ සිට ඉරානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලස්ටික් මිසයිල 165 ක් එල්ල කර තිබේ. ඉන් 152 ක් විනාශ කර ඇති අතර 13 ක් මුහුදු සීමාවට එල්ල වී ඇත.
කෲස් මිසයිල දෙකක් ද හඳුනාගෙන විනාශ කළ බව අමාත්‍යාංශය පැවසීය.
ඉරානය එල්ල කරන ලද ඩ්‍රෝන යානා 541 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 506 ක් විනාශ කරන ලද බවත් 35 ක් රට තුළට එල්ල වී ද්‍රව්‍යමය හානි සිදු වූ බවත් අමාත්‍යංශය පවසයි.
මෙම ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයන් අතර පකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනකු සිටින බව පැවසේ.
සුළු තුවාල ලබා ඇත්තේ ඊජිප්තු, ඉතියෝපියානු, පිලිපීන, පකිස්ථාන, ඉරාන, ඉන්දියානු, බංග්ලාදේශ, ශ්‍රී ලාංකික, අසර්බයිජානියානු, යේමන, උගන්ඩා, එරිත්‍රියානු, ලෙබනන් සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් පිරිසකි.
ප්‍රතිප්‍රහාර එල්ල කර විනාශ කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානාවල සුන්බුන් ප්‍රදේශ කිහිපයකට එල්ල වී සිවිල් දේපළවලට සුළු හෝ මධ්‍යස්ථ හානියක් සිදුව ඇතැයි අමාත්‍යාංශය පැවසීය.
ඕනෑම තර්ජනයකට මුහුණදීමට සන්නද්ධ හමුදා සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලධාරීන් පැවසූ අතර පුරවැසියන්, පදිංචිකරුවන් සහ සංචාරකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart