
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට තවත් ICC ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගත හැකි බවත් මෙම අවස්ථාවේ ඉවසිලිවන්තව සිටින ලෙසත් ජාතික කණ්ඩායමට සහයෝගය දක්වන ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.
1996 දී ලැබූ පළමු ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු මෙරට ක්‍රිකට් ගමනේ ඉතිහාසය සම්බන්ධයෙන් මාලිංග හෘදයාංගම ෆේස්බුක් සටහනක් මගින් ආවර්ජනය කළේය.
මාලිංගට අනුව, ශ්‍රී ලංකාවේ 2014 ලෝක කුසලාන ජයග්‍රහණයට මග පෑදුවේ 1996 වසරින් පසු පවත්වාගෙන එනු ලැබූ නොසැලෙන ඉවසීම සහ විශ්වාසයයි.
අත්හැරීම ක්‍රීඩාවට විසඳුම නොවන බව ශ්‍රී ලංකාවට තවත් ලෝක කුසලානයක් දිනාගත හැකි බවට විශ්වාසය පළ කරමින් මාලිංග පැවසීය.
ඔහුගේ සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේයි;
“1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉඳලා එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති.
ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුළුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැණ බැණ හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18 ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුළුවන් වුණා.
ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා.
ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩවත් එක්ක ඉන්න ගෙඩක් අය ඇති, ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉඳියි.
අත අරින එක ක්‍රීඩාවේ විසඳුම නෙමෙයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart