February 26, 2026

නවසීලන්තය එරෙහිව ඊයේ ලැබූ පරාජය සහ ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගව්වලියෙන් ඉවතට විසිවීම හමුවේ කෝපයට සහ කලකිරීමට පත්ව සිටින ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමතමින්, කණ්ඩායමේ නායක දසුන් ශානක ෆේස්බුක් සටහනක් තබා ඇත.

පහතින් දැක්වෙන්නේ එම ෆේස්බුක් සටහනයි.

“මේ ලෝක කුසලාන තරගාවලියේ අපේ ගමන අවසන් වූ ආකාරය ගැන ඔබලා වගේම මටත් දුකක්, කලකිරීමක් තියෙනවා. කණ්ඩායමක් ලෙස අපි මේ තරගාවලියට ආවේ විශාල විශ්වාසයකින්, පැහැදිලි සැලසුම් සමග, ඉහළ බලාපොරොත්තු තබාගෙනයි. එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම වගේ, අභියෝග තිබුණන්, සත්කාරක රටක් ලෙස අපට තරගාවලියේ ඉදිරියට යාමට හැකි බව මට විශ්වාසයක් තිබුණා.
මටත්, කණ්ඩායමටත් එරෙහිව ඔබලාට ඇතිවන කලකිරීම, වේදනාව සහ කෝපය මට හොඳින් තේරෙනවා.

මම ඉතාමත් නිහතමානීව ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ මේ පද්ධනිය තුළ මහන්සි වෙමින් ඉදිරියට යන්න උත්සාහ කරන ක්‍රීඩකයන් අත්නොහරින්න ලෙසයි. මිලියන ගණනක බලාපොරොත්තු තමන්ගේ උරහිස මන තියෙන බව දැනගෙනත්, පරාජය වීම කවදාවන් ලේසි නැහැ. ඔබලා දක්වන විවේචන මම පිළිගන්නවා. ඒවා සියල්ලම ඔබ දක්වන්නේ ක්‍රීඩාවටත්, රටටත් තිබෙන ආදරය නිසා බව මම දන්නවා. තත්ත්වය කුමක් වුවත්, මම මගේ හැමදේම ඉදිරියටන් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙනවා.

මම හැමදාම මේ ක්‍රීඩාව, ක්‍රීඩාකළේ එකම අරමුණක් ඇතිවයි. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන්.
ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබාදීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙනවා!
අපි වෙනුවෙන් පෙනීසිටිමින්,
අපට සහය දුන් ඔබ සැමට ස්තූතියි…!
· දසුන් ශානක”