February 26, 2026

ඊයේ රාත්‍රියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් පසු ICC T20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත්වීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඉල්ලා අස්විය යුතු බවට මහජන කෝපය උතුරා යමින් පවතින අතර, සමහරු චෝදනා කරන්නේ වැඩිවන අසාර්ථකත්වයන් මධ්‍යයේ වුවද ඔහු බලහත්කාරයෙන් බලයේ රැඳී සිටින බවයි.

ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලානතරගාවලියේ තවදුරටත් රැඳීසිටීමේ බලාපොරොත්තු ඊයේ කටුක පරාජයකින් පසු බිඳවැටිණි.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිරී සිටි දහස් සංඛ්‍යාත උද්‍යෝගිමත් ආධාරකරුවන්ට, එය බලාපොරොත්තු සුන් වූ රාත්‍රියක් විය.

මෙම පරාජය, සිම්බාබ්වේ සහ එංගලන්තය එරෙහිව පසුගියදා ලැබූ පරාජයන්ගෙන් පසුව, ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තුන්වැනි පරාජය සනිටුහන් කළේය.

කෙසේවෙතත් තරගයෙන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දැක්වූ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අදහස වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

එසේම තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහද අඛණ්ඩව අසාර්ථකත්වයට පත්වූ චරිතයක් බවට බොහෝදෙනා අදහස් පළකළහ.