February 26, 2026

කොලිවුඩයේ ජනප්‍රිය තරු යුවලක් වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා යුවළ අද එනම් පෙබරවාරි 26 වන බ්‍රහස්පතින්දා විවාහ වීමට නියමිතය.

මෙම තරු යුවල දැනටමත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ රාජස්ථානයේ උදයිපූර් වෙත පැමිණ සිටින අතර, ඔවුන්ගේ පූර්ව විවාහ උත්සව ද ආරම්භ වී තිබේ.

වොලිබෝල් සහ ක්‍රිකට් තරඟයකින් පසුව අමුත්තන් වෙනුවෙන් ජපන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීවූ ඔවුහු, අඟහරුවාදා රාත්‍රියේ මහා සංගීත් උත්සවයක් ද පැවැත්වූහ.

මේ අතර, අමුත්තන් ද උදයිපූර් වෙත පැමිණීමට ඊයේ සිටම පටන් ගෙන තිබේ.