February 19, 2026

රටේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත්, ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, සමාගම සතුව ප්‍රමාණවත් පරිදි තොග පවතින බවයි.

ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.