February 19, 2026

පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් සහ එම විශ්වාසය සුරැකීමට කටයුතු කරන රජයක් දැකගත හැකි බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා සඳහන් කරයි.

‘දෙරණ’ රුපවාහිනි නාලිකාව සමහ සම්මුඛ සාකච්ඡාවක එක්වෙමින් ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

“පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත්ත සහ එම විශ්වාසය සුරකින්න කටයුතු කරන රජයක් අපට පෙනෙනවා. මගේ අත්දැකීම්වලට අනුව ශ්‍රී ලංකාව කෙටි කාලයකදී සාර්ව ආර්ථික සාර්ථකත්වය නැවත ලබාගෙන තිබෙනවා. සියයට 70ක් වූ උද්ධමනය සියයට 2 දක්වා පහත වැටී තිබෙනවා. ආර්ථික වර්ධනය සෘණ මට්ටමක තිබුණේ. දැන් එය සියයට 5ක් පමණ ධණ අගයක් ගෙන තිබෙනවා. ඉතාම වැදගත් කරුණක් නම්, රජයේ අදහස වන්නේ රාජ්‍ය සේවය පිළිබඳව විශ්වාසයක් තිබිය යුතු බවයි. එයින් අදහස් වන්නේ, දුෂණය තුරන්කළ යුතු බවයි. දුෂණය තුරන්කිරීමේ මේ සටනට අපට සහාය වීමට හැකිවන පරිදි පාලන අගැයීමක් සිදුකරන ලෙස රජයක් අපෙන් ඉල්ලා සිටි ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි.”