February 17, 2026

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම කිතුලුතුවාව 151 වැනි සැතපුම් කණුව අසලදී වන අලියකුගේ ගැටීමෙන් පීලි පැන ඇත.

අලියා එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි.

දුම්රිය එන්ජිම සත්වයාගේ ගැටීමෙන් පසු දුම්රිය මාර්ගයෙන් ඉවතට ගොස් ඇති අතර, අලියාගේ අත් පා කොටස් එන්ජිමේ සිරවී ඇති බව වාර්තා වේ.

ගැටෙන අවස්ථාවේ අලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතය වෙත ගමන් කරමින් සිට ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත.