February 17, 2026

අතීතයේදී ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමට ජනතාව එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

පරිශීලනය කළ පිරිස්ද, විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුවේ පළකරන පුවත් හෝ පණිවිඩවලට නිර්දය ලෙස Comment තීරයේ පහරදෙනු දැකගත හැකිවිය.

එහෙත් දැන් තත්වය වෙනස්වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුවේ පළකිරිම්වලට ගල් මෙන්ම විශාල ලෙස මල්ද ලැබෙමින් පවතී.

ඒ ජනතාවට අවශ්‍ය පණිවිඩ ඉතාම නිර්මාණශිලී ආකාරයෙන් සම්ප්‍රේෂණය කරන Admin කෙනකු කෝ කිහිපදෙනකු පොලිසිය විසින් සොයාගෙන තිබීම හේතුවෙනි.

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක ඊයේ දිනයේ ලබාගත් ශතකය පදනම් කරගනිමින් පොලිස් ෆේස්බුක් පිටුව ජනතාවට ලබාදී ඇති පණිවිඩයකි.