
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පදනම් කරගනිමින් අද (17) සිට කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ හා ශිෂ්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ රාත්‍රී 10.00න් පසු ව ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට නවක වදයට එරෙහි කමිටුව තීරණය කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනය කර තිබේ.
ඊයේ (16) පැවති රැස්වීමේදී තීරණය කරන ලද මෙම තීරණයට විරුද්ධව කටයුතු සිදුවන්නේ නම් අදාළ තත්ත්වය පාලනය කිරිම සඳහා නීත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට එම කමිටුව විසින් තීරණය කර ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.
උපකුලපතිවරයා මේ සම්බන්ධයෙන් අධ්‍යයන කාර්යය මණ්ඩලයට ද දැනුම්දීමක් සිදුකර ඇත.
ඔහු පවසන්නේ රාත්‍රී 10.00න් පසු ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවන්නේ දැයි විමසිලිමත් වීම සඳහා අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart