February 17, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එය දිගු කලක් තිස්සේ මහජන විවාදයට භාජනය වූ කාරණයක් වූ අතර, වත්මන් ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුවක් විය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පක්ෂව ඡන්ද 154ක් සහ විපක්ෂව ඡන්ද 2 ක් ලබාගනිමිනි.