
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොරොන්දු වූ පරිදි වසර තුනකින් විදුලි ගාස්තු අඩුකිරීම සඳහා දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
කෙසේවෙතත් විදුලි ගාස්තුවල තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සියයට 13.56 කින් වැඩිකිරීමට අපේක්ෂා කරන බව නිවේදනය කිරීමෙන් අනතුරුවය.
විදුලිබල උත්පාදන පිරිවැය අයකර ගැනීම සඳහා ක්‍රමවේදයකට අනුව විදුලි ගාස්තු තීරණය කරන බවත් විදුලිබල ගාස්තු අඩුකිරීම සඳහා ජනන පිරිවැය අඩුකළ යුතු බවත් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වසර තුනක කාලයක් තුළ මෙය සාක්ෂාත් කරගැනීම සඳහා රජය දිගුකාලීන සැලැස්මක් අනුගමනය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.
එහිදී ජනමාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැහැදිළි කළේ, ජනන පිරිවැයට වඩා අඩු ආගමික ස්ථාන වැනි අඩු ආදායම්ලාභී සහ විශේෂ කාණ්ඩවල විදුලි පරිශීලකයන්ට ප්රතිලාභ ලබාදීම සඳහා රජය යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇති බවයි.
විදුලිබල ප්‍රභවයන්හි උච්ඡාවචනය හේතුවෙන් විදුලි ගාස්තුවල උච්ඡාවචනය සිදුවිය හැකි බව ඔහු පැවසීය.
මේ වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56 කින් ඉහළ නැංවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart