February 17, 2026

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය තරගයට එක්වීමට තීරණය කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දු-පාකිස්තාන තරගය පැවැත්වීම වෙනුවන් දැක්වූ සහයෝගයට ස්තූති කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විශේෂ හමුවකට එක්වෙමින් පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

“ස්තූතියි ගරු ජනාධිපතිතුමනි, පළමුවෙන්ම පාකිස්තාන ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් උණුසුම් සුබපැතුම්. ඔවුන් මගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියා ඔවුන්ගේ සුබපැතුම් ඔබට පිරිනමන ලෙස. ඇත්ත වශයෙන්ම ඊයේ පැවති තරඟය… එහි සැබෑ වීරයා ඔබයි. මන්ද ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් හතරේ පමණක් බිලියන දෙකකට අධික ජනතාවක් ඔබ නිසා එම තරඟය නැරඹුවා. ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අපට ගැටලු කිහිපයක් තිබුණා. නමුත් ඔබ දුරකථනයෙන් ඇමතූ වහාම… මුලින් 50-50 තීරණයකයි අප සිටියේ. නමුත් ඔබගෙන් ලැබුණු ඇමතුම ගැන අගමැතිතුමා මට පැවසුවේ තවදුරටත් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ජනාධිපතිතුමා කතා කළ බැවින් අප තරඟයට සහභාගී විය යුතු බවත්ය. එපමණයි. ඉතින් ඒ සියල්ල සිදු වූයේ ඔබ නිසායි. ඔබ මේ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඒ ගැන මම ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.”