
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දැනට පවතින මිලෙන් වැඩිම මෝටර් රථය තමා සතු බව සහල් ව්‍යාපාරික ලංකේශ්වර මිත්‍රපාල පවසයි.
මෑතකදී මෙරටට ආනයනය කරන ලද සිය Rolls Royce Cullinan -2 මෝටර් රථය සහ තමා ධවතකු වූ ආකාරය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ලංකේශ්වර මිත්‍රපාල වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
‘ලංකාවේ මිලෙන් වැඩිම වාහනේ කියනවට වඩා ඒක මිල කල නොහැකි කැපකිරීම් රැසක එකතුවක්….
මං ගෙනාව Rolls Royce Cullinan -2 වාහනේ අද වෙද්දී ලංකාවෙ මිලෙන් වැඩිම වාහනේ කියලා සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා… ඒ පසුපස ඇති ඔබ නොදන්නා දෙයක් ඔබට කියන්න මට හිතුනා… ඒක ඔබේ ජීවිතේට වැදගත් උපදෙසක් වෙයි…
මං මගේ ගමන පටන් ගත්තේ මේ රටේ දුෂ්කර දුරබැහැර ගමක ඉතාම සාමාන්‍ය පවුලක පුංචි මනුස්සයෙක් විධිහටයි… පුංචි වී මෝලක් දාලා මමත් ඒකෙ ශ්‍රමිකයෙක් විධිහට ඒකාලේ වැඩකලා… කුඹුරුවලට ගිහින් ගොවිමහත්තුරු එක්ක වැඩ කලා….එයාලා උයාපු දේවල් එයාලත් එක්ක කාලා එයාලත් එක්කම එකතු වෙලා මං ව්‍යාපාරේ ටිකෙන් ටික දියුණු කලා… ඒ කාලේ මට කාර් තිබුනේ නෑ… මට මතකයි මගෙ බිරිඳට දරුවා ලැබෙන්න ඉද්දී ඇයව ඉස්පිරිතාලෙ එක්ක යන්නවත් වාහනයක් තිබුනේ නෑ…. අමාරු වුනාම ලොරියක නංවාගෙන ඉතාම අපහසුවෙන් අඩු පහසුකම් ඇතිව ඇයව ඉස්පිරිතාලෙට අරන් ගියා… එදා ඇයව රෝහලට රැගෙන ගිය ලොරිය තමයි මෙහි දක්වා තිබෙන්නේ…27 ශ්‍රී 8182. ඒ දවස්වල ව්‍යාපාරය කරගෙන ගියෙත් ගොඩක් අභියෝග මැද, අනුන්ගේ ලොරි වල වී මිටි ටිකක් පටෝගෙන යද්දි නෝක්කාඩු ඇනුම් බැනුම් අහන්න වුනු දවස් බොහෝමයි… මුල් කාලේ වී මෝල කරගෙන ගියේ ඒ වගේ බාධා මැද… ඒ ආපු ගමනේ අද වෙද්දී ලංකාවේ මිලෙන් වැඩිම වාහනේ හිමිකරුවා වීම ගැන අහිංසක සතුටක් මට තිබෙනවා… Rolls Royce Cullinan -2 එක අහම්බයක් හෝ ඉබේ පහලවුනු දෙයක් නෙවෙයි… ඒක කැපකිරීම් රාශියක ප්‍රතිපලයක්.. නිවැරදි කලමනාකරණයේ ප්‍රතිලාභයක්… නිශ්චිත ඉලක්කයකට වැඩ කිරීමෙන් ලබාගත් ජයග්‍රහණයක්….තරුණ ඔබත් ඔබේ ජීවිතේ හරි ඉලක්කයක් තබාගන්න. සමාජ විරෝධී විනය විරෝධී වැඩවලට කිසිම ආකාරයකින් හෝ සම්බන්ධ වෙන්න එපා.. ජයග්‍රහණය ලැබෙන තෙක් ඉවසිල්ලෙන්… දිරියෙන් වැඩ කරන්න…එවිට ඔබට පුලුවන් මේ රටේ මීළඟ මිලෙන් වැඩිම වාහනය ගෙන්වන්න. ඔබට එසේ කල හැකිනම්…. ඒ ගැන මුලින්ම සතුටු වෙන පුද්ගලයා මිත්‍රපාල ලංකේෂ්වර කියලා මතක තියාගන්න..’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart