
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම හෙළාදකිමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යයට සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ අඛණ්ඩතාවට බරපතල තර්ජනයක් එල්ල කරන බවට එමගින් අනතුරු අඟවයි.
පෙබරවාරි 13 වැනි දින මහ දවල් සිදු වූ වෙඩි තැබීම නීතිය හා සාමය කෙරෙහි සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂය එම නිවේදනයේ සඳහන් කර තිබේ.
නීති වෘත්තිකයන්ට එරෙහි ප්‍රහාර සහ තර්ජන අධිකරණ පද්ධතියට හානිකර ඇති වෙනත් රටවල සිදුවීම් සමඟ සමාන බව එජාපය පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බවත්, අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන්ට ඇති හැකියාව ප්රශ්නගතවී ඇති බවත්, විමර්ශනය හැසිරවීම සම්බන්ධයෙන් ගැටළු පවතින බවත් එක්සත් ජාතික පක්ෂය මෙමගින් පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡා කර සුදුසු විමර්ශන කණ්ඩායමක් පත්කිරීම සහ නීතිඥ වෘත්තිය ආරක්ෂා කිරීම සඳහා වූ යුරෝපීය කවුන්සිලයේ සම්මුතියේ දක්වා ඇති ආරක්ෂාවන් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපාලන හෝ ව්‍යවස්ථාදායක පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතික පක්ෂය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart