February 16, 2026

වෙඩි තැබීමේ සිදුවීම් එකක් හෝ දෙකක් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලනොවන බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

රජය තත්ත්වය තේරුම් ගෙන එය කළමනාකරණය කිරීමට සමත් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශ්වාසය පළ කළේය.

සන්නද්ධ හමුදා තම රාජකාරි ක්‍රමවත් ආකාරයකින් සිදුකරන බවත්, එක් අයෙකු හෝ දෙදෙනෙකු සම්බන්ධ හුදකලා සිදුවීම් භීතියට හේතු නොවිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.

රටේ අතීත සිදුවීම් පිළිබඳව රජයේ සාමාජිකයින්ට අවබෝධයක් ඇති බවත්, එබැවින් වත්මන් තත්වයන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.