February 15, 2026

පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල සම්බන්ධ මාර්ගෝපදේශ සංශෝධනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් තමන්ට දැනුම් දුන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඉරිදා ‘මව්බිම’ට පවසා ඇත.

පාසල් පරිපාලනයේදී ශිෂ්‍ය නායක මණ්ඩලවල මැදිහත්වීම හා විනය පවත්වා ගෙන යෑමේදී මතුවන ගැටලු ගැන ගුරු සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම්දුන්නේ යැයි ඔහු කියයි.

පාසල් පරිපාලනයට ශිෂ්‍ය නායක මණ්ඩල මගින් සිදුවන බලපෑම් අවම කර ඒ වෙනුවට පාසලේ යහපත පිණිස ඔවුන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ද ඔහු පවසයි.

තව ද ශිෂ්‍ය නායක මණ්ඩලවලට සිසුන් පත්කිරීමේදී ශිෂ්‍යයන්ගේ වයස් සීමාව නොඉක්මවන අයුරින් එය සිදුකිරීමේ ඇති වැදගත්කම ගැන ද වැඩිදුරටත් සාකච්ඡා වී යැයි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.