
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ විශ්වවිද්‍යාල සංචාරය පිළිබඳ තොරතුරු ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට යවන ලද ලිපියට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 4 වැනිදා විද්‍යුත් තැපෑලෙන් සහ EMS ස්පීඩ් පෝස්ට් හරහා ගුවන් තැපෑලෙන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල ලේකම් ක්‍රිස්ටීන් ෆ්රේසර් සහ සහකාර විධායක නිලධාරියකු වෙත අදාළ ලිපි යොමුකර තිබිණි.
ලිපියෙ හි පිටපතක් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා වෙත ද යොමුකර ඇත.
එවක ජනාධිපති වික්‍රමසිංහට තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා ලිපිය නිල ලිපියක්ද නැතහොත් පෞද්ගලිකව යවන ලද එකක්ද යන්න තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරයි.
මේ අතර, එක්සත් රාජධානියේ සංචාරයේදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පෙබරවාරි 18 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඒකනායකගේ නීතිඥ කාලිංග ඉන්දතිස්ස ධිකරණයට පැවසුවේ අනුමත කරන ලද ඇස්තමේන්තු එවක එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන විසින් සකස් කර ඇති බවයි.
ඇස්තමේන්තු සකස් කිරීමේදී ඒකනායකට භූමිකාවක් තිබූ බවත්, ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇති බවත්, ඇස්තමේන්තුවලින් පැන නගින ප්‍රශ්නයක් ඇත්නම්, අමාත්‍යාංශය ඒවා ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බවත් ඔහු පැවසීය.
විශ්වවිද්‍යාලයට ප්‍රශ්න නවයක් යවා ඇති බව අධිකරණයට දන්වන ලදී.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවසුවේ විශ්වවිද්‍යාලය තවමත් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
නඩුව පෙබරවාරි 18 වැනිදා විභාගයට ගැනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart