
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවත්, ඒ සඳහා අධ්‍යාපනය විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියාසිටියේ ඊයේ (12) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වාදුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලුවාය.
විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවයි.ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය. පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් පළමු වසර පන්ති කාමර සහ ඉගැන්වීම් ක්‍රමවේද නිරීක්ෂණය කළ අතර දරුවන් සමඟ සුහද කථාබහකටද එක් විය.
පසුව වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ සහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සමඟ පිළිසඳරක නිරත වෙමින් වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමට ඇති ගැටළු පිලිබඳව අවධානය යොමුකළ අතර උසස්පෙළ දරුවන් පාසල තුළ රඳවාගැනීම පිළිබඳව ද සාකච්ඡා කළාය.
හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේ නිරීක්ෂණයට ද එක්වූ අග්‍රාමාත්‍යවරිය, එහි පවතින ඉහළ යටිතල පහසුකම්වලට සාපේක්ෂව ශිෂ්‍ය සංඛ්‍යාව අවම මට්ටමක පැවතීම පිළිබඳව සිය අවධානය යොමු කළාය.
පාසල් පරිපාලනය විසින් නිසි සැලසුමකට අනුව කටයුතු කරමින් ශිෂ්‍ය ගලනය නංවාලිය යුතු බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙවැනි අංගසම්පූර්ණ පාසල්වලින් මහත් ප්‍රයෝජනයක් ගත හැකි බවත් ඇය සඳහන් කළාය.
නිරීක්ෂණය අතරතුර නයිගල රාජ මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් බැහැදැකීමටද කටයුතු කළාය.
(අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart