February 1, 2026

මෙරට ශ්‍රම බලකාය නියෝජනය කරන තරුණ පිරිස් සඳහා සුදුසු වැටුප් සහිත රැකියා රට තුළ පවතින්නේ නම් ඔවුන් රැකියා සොයා විදෙස්ගත නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කම්කරු අමාත්‍යංශය හරහා මෙරට පුද්ගලයින් ලක්ෂ 3 කට පමණ තවත් විදෙස් රැකියා ලබාදීමට ඇස්තමේන්තු කර ඇති බවයි.

එවන් පසුබිමක් තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා සේවකයින් 7500 ක් මෙරටට ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා එහිදී අනාවරණ කළේය.

මෙරට තරුණයින්ට එම අවස්ථා ලබාදිය හැකි නම් මෙරට මුදල් පිටරට වෙත ඇදීයාම වළක්වා ගත හැකි බව ද ඔහු පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ බලධාරීන් මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බවයි.