
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනයකට අනුව, 2025 වසරේදී වාර්තා වූ ත්රස්තවාදයට සම්බන්ධ සිදුවීම් අනුව පාකිස්තානය ලෝකයේ දෙවන ස්ථානයට පත්ව තිබේ.
ලාහෝර් හි ආරක්ෂක, උපාය මාර්ග සහ ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය (CSSPR) විසින් පවත්වන ලද මෙම අධ්‍යයනයේ සඳහන් වන්නේ 2021 සිට රට තුළ ත්‍රස්තවාදී ප්‍රහාරවල වාර ගණන සහ මාරාන්තික බව යන දෙකෙහිම ස්ථාවර වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
2021 දී ත්‍රස්තවාදී සිදුවීම් 275 ක් පාකිස්තානයෙන් වාර්තා වී තිබේ.
2022 වසර වන විට එවැනි සිදුවීම් තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති සිදුවීම් 643 ක් සහ මරණ සංඛ්‍යාව 298 ක් වේ.
ඒ අනුව 2022 දී පාකිස්තානය ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ හයවන ස්ථානයට පත්විය.
2023 දී මෙම වැඩිවීම තීව්ර වූ අතර රට තුළ ත්‍රස්තවාදී ක්‍රියා 689 දක්වා ඉහළ ගොස් මරණ 490 දක්වා වාර්තා වී තිබේ.
එමගින් ත්‍රස්තවාදී ක්‍රියා අනුව පාකිස්තානයේ ශ්‍රේණිගත කිරීම ලෝකයේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබිණි.
2024 දී පාකිස්තානයෙන් වාර්තා වූ ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියා 1,099 ක් සහ මරණ 1,081 ක් වාර්තා විය.
අනතුරුව 2025 දී ත්‍රස්ත ප්‍රහාර 699 ක් සහ අවම වශයෙන් ජීවිත හානි 1,034 ක් මෙන්ම තුවාලකරුවන් 1,366 ක් වාර්තාවීම හමුවේ පාකිස්ථානය ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ දෙවන ස්ථානයට පත්විය. . එම වසරේදී හමුදා මෙහෙයුම්වලදී වාර්තාගත ලෙස සටන්කාමීන් 1,313 ක් මිය ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart