
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයට ආසන්නයේ පිහිටි ටර්ලායි කලන් ප්‍රදේශයේ ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු ඉස්ලාමාබාද්හි ඇමරිකානු තානාපති කාර්යාලය පාකිස්ථානයේ වෙසෙන ඇමරිකානු පුරවැසියන් සඳහා ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ.
එමගින් පැවසෙන්නේ පකිස්ථානයේ සංචාරය කරන හෝ පදිංචිව සිටින එක්සත් ජනපද ජාතිකයින්ට දැඩි ප්‍රවේශම් විය යුතු බවත් විශාල මහජන රැස්වීම් ඇති ප්‍රදේශවලින් වැළකී සිටිය යුතු බවයි.
ඇමරිකානුවන්ට ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂක සැලසුම් සමාලෝචනය කිරීමට සහ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් සඳහා දේශීය මාධ්‍ය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් එම උපදේශන මාලාවේ දැක්වේ.
සෑම විටම වලංගු හැඳුනුම්පතක් රැගෙන යන ලෙසත් අවශ්‍ය පරිදි දේශීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
සහාය අවශ්‍ය ඇමරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය සම්බන්ධතා තොරතුරු ද ලබා දී ඇත. පකිස්තානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ භාරකාරිනී නටාලි ඒ. බේකර්, X සටහනක් හරහා පවසා ඇත්තේ මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජනපදය දැඩි ලෙස හෙළා දකින බවයි.
මෙම ප්‍රහාරය ඇතුළුව සියලුම ත්‍රස්තවාදී සහ ප්රචණ්ඩ ක්‍රියා අමෙරිකාව හෙළා දකින බව ද ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart