February 7, 2026

පකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් හි මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය කණ්ඩායම (IS) විසින් භාරගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාව පදනම් කර ගත් SITE බුද්ධි කණ්ඩායම විසින් ඒ බව අනාවරණ කර ඇති බවයි.

පාකිස්තාන බලධාරීන්ට අනුව ඊයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 169 දෙනෙකු තුවාල ලබා තිබේ.

“දේවමාළිගාවේ අභ්‍යන්තර දොරටුවට ළඟා වූ පසු, ප්‍රාණ පරිත්‍යාගශීලියා ෂියා සභාව මැද තම පුපුරණ ද්‍රව්‍ය කබාය පුපුරුවා හැර ඇති අතර, එමඟින් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තුවාල ලබා ඇත,” IS පැවසූ බව ජිහාඩ් කණ්ඩායම් නිරීක්ෂණය කරන සංවිධානය පවසයි.

2008 මැරියට් හෝටල් බෝම්බ ප්‍රහාරයෙන් පසු පකිස්ථාන අගනුවර සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය මෙම ප්‍රහාරය බව වාර්තා විය.

නගර නිලධාරීන් පැවසුවේ නගරයේ තදාසන්න ප්‍රදේශයේ ටර්ලායි ප්‍රදේශයේ ඉමාම් බර්ගා කස්ර්-ඊ-කදීජාතුල් කුබ්‍රා මුස්ලිම් පල්ලියේ සිදු වූ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.