
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය පාරිභෝගික භාණ්ඩ ආනයනය සහ අපනයනයට අදාළ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කරගැනීම සඳහා චීන හමුදාව විසින් දෙවන විදේශීය නාවික කඳවුර ශ්‍රී ලංකාවේ ගොඩනඟා ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණය කරයි. ඒ සඳහා චීනය ඉලක්ක කර ඇත්තේ හම්බන්තොට වරාය බව එහි දැක්වේ.
චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමම රටවලදැයි යන්න සොයාබැලීම සඳහා සිදුකෙරුණු අධ්‍යයනයකදී මෙම හෙළිදරව්ව සිදුකර ඇත.
වර්ජිනියාවේ විලියම් සහ මේරි විද්‍යාලයේ AIDDATA නම් පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති, “ගෝලීය අභිලාෂයන් ආරක්ෂා කිරීම: චීනයේ වරාය ගමන්මග සහ අනාගත විදේශීය නාවික කඳවුරු සඳහා බලපෑම්” යන මාතෘකාවෙන් යුත් 2023 ජූලි වාර්තාව ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව චීනය සිය මීළඟ විදේශීය හමුදා කඳවුර ගොඩනැගීමට බොහෝදුරට ඉඩ ඇති අන්තර්ජාතික වරායන් අට පවතින රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටී.
චීන මහජන විමුක්ති හමුදාව ඩොලර් මිලියන 590 ක වියදමින් 2016 දී නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි හි සිය ප්‍රථම විදේශීය නාවික මුරපොළ ඉදිකර ඇත.
එහි රඳවා ඇති 2,000ක පමණ චීන හමුදා ඛණ්ඩයක් විසින් අප්‍රිකාව අවට මුහුදේ යාත්‍රා කරන චීන භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටී.
වාර්තාවේ තක්සේරු කර ඇති වරායන්වල මූලෝපායික පිහිටීම, නාවික යාත්‍රා සඳහා වරාය ගැඹුර, සත්කාරක රටෙහි දේශපාලන ස්ථාවරත්වය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී චීනය සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට සත්කාරක රජය දක්වන ප්‍රවණතාවය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart