January 29, 2026

වාහන ආනයනය හමුවේ රටේ උද්ධමනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වාහන ආනයනය හමුවේ රුපියලට බරක් පැටවී ඇති බවයි.

ස්වාධීන ලෙස කටයුතු කරන බව කියන මහ බැංකුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙහි ප්‍රතිපලයක් ලෙස රුපියල් 292 ක් ලෙස පැවැති අමෙරිකානු ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 313 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙය රජයේ තීන්දුවක් නිසා සිදුවූවක් හෝ වාහන ආනයනය නිසා සිදුවූවක් බවට මහ බැංකුවට නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.