
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරු පෙබරවාරි මස 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 90ට අධික මුදලක් වංචාකළ බවට පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 දින සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තාමය.
වංචනික ආකාරයෙන් මුදල් ලබාගත් පුද්ගලයන්ට ගෙවීම් කරන ආකාරය පිළිබඳව වාර්තාවක් මීළග නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වගඋත්තර පාර්ශවයට නියෝග කළ අතර, සැකකරු සතු වත්කම් සම්බන්ධව පූර්ණ වාර්ථාවක්ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CID යට නියෝග කළේය.
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470 ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබිණි.
පසුව මෙම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණි. මෙයට අමතරව තවත් පැමිණිලි 400ට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ලැබී තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart