
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොරෙච්චෝල බලාගාරය අවශ්‍ය ගල්අඟුරු අඛණ්ඩව කිසිදු ප්‍රමාදයකින් තොරව සැපයීමට ගල්අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම සිය එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.
නොරොච්චෝල අඟුරු සැපයුම්කරු (Trident Chemphar) සහ ජනපති අනුර කුමාර දිසානායක අතර දුරකතන සාකච්ඡාවක් සිදුවී ඇතැයිද ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව, ගල්අඟුරු සැපයීමේ දී මතුව ඇති තත්වය පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී ඇති අතර, මෙහි දී සැපයුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ සියලු සැපයුම් සාම්පල ‘තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවකට’ අවසර ලබාදෙන ලෙසය.
පළමු ගල්අඟුරු නැවේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් සැපයුම් සමාගමට ලංකා රජය විසින් දඩයක් නියම කර ඇත.
දෙවැනි ගල්අඟුරු නැවේ ප්‍රමිතිය නියමිත මට්ටමින් පැවතී ඇති අතර, මේ වන විට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ තුන්වැනි ගල්අඟුරු නැවේ ප්‍රමිතිය දුර්වල බවයි.
සෑම නැවකම ප්‍රමිතිය පැටවීමේ හා නොරොච්චෝලේ දී දෙවරක් පරීක්ෂා කෙරේ.
ලෝකයේ පිළිගත් රසායනාගාරයක් වෙත පළමු නැවේ සාම්පල යැවීමට බලශක්ති අමාත්‍යාංශය අවසර දී තිබු නමුත් දෙවැනි හා තුන්වැනි නැව්වල ප්‍රමිතිය තුන්වැනි පාර්ශවයක් හරහා පරීක්ෂා කිරිමට නොරෙච්චෝල බලධාරීන් අවසර දී නැත.
තමන්ට ගිවිසුම් අනුව ‘අම්පයර් සාම්පල්” පරීක්ෂණයට අවස්ථාව ලබාදෙන ලෙස සැපයුම්කරුවන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇතැයි පැවැසේ.
තම ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බැවින් දෙපාර්ශවයම එකඟවන තුන්වැනි පර්යේෂණාගාරයකින් නැවත පරීක්ෂණ වාර්තා ලබාගැනීමට සැපයුම් සමාගම ඉල්ලා ඇත.
ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගිවිසුම් අනුව කටයුතු කළ හැකි බවත්, නැවත පරීක්ෂණ වාර්තා අනුව කටයුතු සිදුකිරීමට තමන් සූදානම් බවත් ප්‍රධාන සැපයුම්කරු ජනාධිපතිවරයාට සහතික වී ඇත.
ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි පැවැසෙන්නේ, ගිවිසුම් ප්‍රකාරව ගල්අඟුරු සැපයීම බාධාවකින් අඛණ්ඩව සිදුකරන ලෙසය. සැපයුම්කරුවන් එයට එකඟත්වය ලබා දී ඇත.
විදුලිබල මණ්ඩලය විසින් නිසි පහසුකම් නොමැතිව ලංකාව තුල ගල්ඇඟුරු පරීක්ෂා කර ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බවත්, ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කරීම අවහිර කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත.
විදුලිබල මණ්ඩලය විසින් කිසිදු විධිමත් අවසරයක් නොමැතිව සිදු කරන නිල නොවන වර්තා ජනමාධ්‍ය මගින් එළිදැක්වීම හේතුවෙන් මේ වන විට අන්තර් ජාතික මට්ටමේ අර්බුදයක් ගොඩනැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා වෙත සැපයුම්කාර සමාගම විසින් දැනුම් දී ඇත.
මේ වන විට ගල් අඟුරු නැව් 3 ක් ලංකාවට පැමිණ ඇත. තවත් නැව් තුනක් ලංකාව බලා එමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart