
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ විවාහ මංගල උත්සවයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වයඹදිග පකිස්ථානයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබායක් පුපුරුවා හැර ඇති බවයි.
ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය පැවසීය.
කයිබර් පක්තුන්ක්වා පළාතේ ඩෙරා ඉස්මයිල් ඛාන්හි රජයට පක්ෂපාතී ප්‍රජා නායකයෙකු වන නූර් අලම් මෙහ්සුඩ්ගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වූ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී අද්නාන් ඛාන් පැවසීය.
මියගිය සහ තුවාල ලැබූවන් රෝහලකට ඇතුළත් කළ බවත්, තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔහු පැවසීය.
බෝම්බකරු පිපිරීම සිදු කරන අවස්ථාවේ අමුත්තන් උත්සවයට සහභාගී වෙමින් සිටි බවත්, තවත් පිරිසක් බෙර වාදනයට නටමින් සිටි බවත් සාක්ෂිකරුවන් පැවසූහ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.
කෙසේ වෙතත්, මෑතකාලීනව පාකිස්තානය තුළ ප්‍රහාර ගණනාවක් සිදු කර ඇති ටෙහ්රික්-ඊ-තලේබාන් පකිස්තානය හෝ ටීටීපී ලෙසද හැඳින්වෙන පකිස්ථාන තලේබාන් සංවිධානය වෙත සැකය එල්ල වීමට ඉඩ ඇත. මෙම කණ්ඩායම ඇෆ්ගන් තලේබාන් සංවිධානයෙන් වෙන්ව සිටින නමුත් ඔවුන් සමඟ මිත්‍රශීලී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart