January 13, 2026

දේශපාලනමය වශයෙන් මතභේද තිබුණ ද මේ මොහොතේ රටට වැදගත් වන්නේ සියලු පක්ෂ එකට එක්ව කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ සඳහා සිදු කළ යුතු මූලික පියවර වන්නේ එක් එක් පාර්ශවය තුළ පවතින අවිශ්වාසය විශ්වාසය බවට පත් කර ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

වර්තමානයේදී ජාත්‍යන්තර තුළ වුව ද පවතින්නේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් පොදු අරමුණක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ යුක්‍රේන යුද්ධය නිමා කිරීම සඳහා අමෙරිකාව සහ රුසියාව එක්ව සාකච්ඡා මාර්ගයකට එළඹ සිටීම ඊට හොඳම උදාහරණය බවයි.

සුදු ජාතිකයින්ගෙන් නිදහස ලබා අවුරුදු 77 ක් ගතව තිබෙන මොහොතක රට පවතින්නේ කුමන තත්වයකදැයි යළිත් සිතා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.