January 16, 2026

බෙදී වෙන්වී ජයග්‍රහණය කළ කිසිදු දේශපාලන බලවේගයක් මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට ද මෙම යථාර්තය අවබෝධ වී ඇති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්විය යුතු බව සුළු පක්ෂවල මතය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක් කිරීමේ වැඩපිළිවෙළ සඳහා තමන් ද ඍජුව දායකත්වය ලබාදෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එම වැඩපිළිවෙළ සඳහා බාධා කිරීමට කිහිපදෙනෙකු උත්සහ කළ ද එය සාර්ථක කිරීම සඳහා විශාල පිරිසක් එක්ව සිටින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.