
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉතිරිව ඇති සමාජ ආර්ථික අර්බුදයේ ගැඹුර අවධාරණය කරමින්, එහි බලපෑමට ලක්වූ වින්දිතයන් ආභරණ, මෙවලම් සහ වාහන වැනි පෞද්ගලික වත්කම් වැඩි වැඩියෙන් විකුණමින් යැපෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
දිස්ත්‍රික්ක 22ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය වන පරිදි කරන ලද තක්සේරුවෙන් හෙළිවී ඇත්තේ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් සියයට 95ක නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති බවයි.
ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති අතර, යථා තත්ත්වයට පත්වීම මන්දගාමී හා සමානව සිදු නොවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු අඟවයි.
සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අවම වශයෙන් සියයට 93ක් ආදායම, ජීවනෝපායන් සහ ඉපැයීම් අවස්ථා කෙරෙහි දැඩි බලපෑම් වාර්තා කර ඇත.
බොහෝ පවුල් පවසා ඇත්තේ භෝග විනාශ වීම සහ සේවා ස්ථාන හානි වීමත් සමඟ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ගවයන්, ආභරණ, මෙවලම් සහ වාහන පවා විකිණීමට සිදු වූ බවයි.
ඇතැමුන් කුඩා පරිමාණ ගොවිතැන, මසුන් ඇල්ලීම, සත්ව පාලනය සහ ගෘහස්ථ පරිභෝජනය සඳහා වනයෙන් ලබාගත හැකි ආහාර එකතු කිරීම වැනි යැපුම් ක්‍රියාකාරකම් වෙත යොමු වී ඇති අතර, එය මුදල් මත පදනම් වූ ජීවනෝපායන්ගෙන් පැවැත්මේ උපාය මාර්ග වෙත මාරුවීමක් පිළිබිඹු කරයි.
2025 නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට දිට්වා සුළි කුණාටුව කඩා වැදුණු අතර එමඟින් දැඩි වර්ෂාපතනයක්, විශාල ගංවතුරක් සහ නායයෑම් ඇති විය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇස්තමේන්තුවලට අනුව ගංවතුරෙන් හෙක්ටයාර මිලියන 1.1ක් පමණ, එනම් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 20කට පමණ බලපෑ අතර, මිලියන 2.3ක් පමණ ජනතාව සෘජුවම ගංවතුරට නිරාවරණ වී තිබිණි.
දරුණුතම ගංවතුර වාර්තා වූයේ පොළොන්නරුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි හෙක්ටයාර 23,000කට වඩා ජලයෙන් යට විය.
කිලිනොච්චි කන්දවලෙයි, මුලතිව් මුහුදුබඩපත්තු, වැලිකන්ද සහ මැදිරිගිරිය යන ප්‍රදේශවල ද දැඩි ගංවතුර පැවතිණි.
බොහෝ බලපෑමට ලක් වූ කුටුම්භ පවසා ඇත්තේ ඔවුන් ප්‍රධාන වශයෙන් රජයේ ආධාර සහ රාජ්‍ය නොවන සහ අන්තර්ජාතික සංවිධානවල සහාය මත යැපෙන බවයි.
කෙසේවෙතත්, ඥාතීන්ගෙන් සහ අසල්වැසියන්ගෙන් ණය ගැනීම සහ බැංකුවලින් හෝ ණය ආයතනවලින් ණය ගැනීම ද සුලභ බව වාර්තාව කියයි.
ව්‍යාපාර කෙරෙහි බලපෑම විශේෂයෙන් දරුණු වී ඇති අතර, සියයට 91කට පමණ බාධා ඇති වී තිබේ.
භෝග වගා අංශය වඩාත්ම පීඩාවට පත් වූ අංශයක් වන අතර, පසුව පශු සම්පත් සහ නිෂ්පාදන අංශය මීලනගට වැඩිම බලපෑම ඇති වූ අංශ වේ.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් එකක් පමණ පැවසුවේ විධිමත් හා අවිධිමත් ව්‍යාපාර දෙඅංශයටම දැඩි ලෙස බලපා ඇති බව හෝ වසා දැමීමට බල කර ඇති බවයි.
දුෂ්කරතා මධ්‍යයේ වුවද, ස්වයං රැකියා සහ අවිධිමත් වැඩ ඇතුළු ප්‍රතිසාධන උත්සාහයන් ද සමීක්ෂණයෙන් සටහන් විය.
කෙසේවෙතත්, තිරසාර සහයෝගයක් නොමැතිව, බොහෝ කුටුම්භ වත්කම් ක්ෂය වීමේ සහ යැපුම් ජීවන රටාවේ සිරවී සිටිය හැකි බවත්, අනාගත කම්පනවලට ඔවුන්ගේ අවදානම වැඩි කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart