
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමේ කටයුතු වෙනුවෙන් සිනොපෙක්හි ඉහළ පෙළේ දූත පිරිසක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනය සඳහා වන අවබෝධතා ගිවිසුම පසුගිය වසරේ ජනවාරි මාසයේදී අත්සන් කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු ඔහුගේ දෙවැනි නිල සංචාරය ලෙස චීනයට ගිය අවස්ථාවේදීය.
චීන රජයට අයත් බලශක්ති දැවැන්තයකු වන වන සිනොපෙක්, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත්, සිනොපෙක් සමාගම මුල් ගිවිසුමට සංශෝධන ඉල්ලා සිටි නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය.
එය දේශීය වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ඉල්ලා ඇතත් රජයට මේ සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් මතයකි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ විට ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
හම්බන්තොට සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව අමාත්‍ය හේරත් දැනුම්දී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ද වන චීන අමාත්‍යවරයා මෑතකදී අතරමැදි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.
මේ අතර, ගිවිසුම පසුගිය මාසයේ අවසන් කිරීමට සැලසුම් කර තිබූ බවට ද වාර්තා පළ වේ.
පසුව එය ජනවාරි දක්වා කල් දැමුණු බවත් එය මෙම වසර මුලදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් සමාගමේ ඉහළ මට්ටමේ දූත පිරිසක් පෙබරවාරි පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් වාර්තා වේ.
ගිවිසුම සම්බන්ධයෙන් තීරණයකට පැමිණියහොත්, සිනොපෙක් ශ්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ සෘජු ආයෝජනය සිදු කරනු ඇත.
සිනොපෙක් පිරිපහදුව මුලින් අනුමත කරන ලද්දේ 2023 දීය.
ඉදිකරනු ලැබුවහොත්, දිනකට බොරතෙල් බැරල් 200,000ක් සැකසීමේ හැකියාව පිරිපහදුවට ඇත.
එය චීනය විසින් ඉදිකර දැනට ක්‍රියාත්මක හම්බන්තොට වරාය අසල ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart