
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ, රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් යුවළ (Mr and Mrs Richard Wood) විසින් ස්ටර්ලින් පවුම් 2,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
එම පරිත්‍යාගය පිළිබඳ දැනුම් දෙමින්, රිචර්ඩ් වුඩ් යුවළ විසින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර වෙත ඊට අදාළ ලදුපත සමග ලිපියක් භාර දී ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකා ජනතාවට සහය දැක්වීමේ අරමුණින් මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කළ බවත්, පසුගිය නත්තල් සහ නව වසර සමයේ සති තුනක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ තමන්ට රටේ ස්වභාවික සුන්දරත්වය, ජනතාවගේ උසස් මානව ගුණාංග සහ රසවත් ආහාර පිළිබඳ ඉතා ධනාත්මක හැඟීමක් ඇති වූ බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
තවද, සුළි කුණාටුවෙන් හානි සිදු වුවද, රට ශක්තිමත්ව නැවත නැගී සිටින ආකාරය පැහැදිලිව දැකගත හැකි වූ බවත්, ඉදිරියේදී තම අසල්වැසියා වන එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ සුහද සබඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාවේ ජාතික දිනයට සුභ පැතුම් එක් කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart