
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ සිදුවිය.
මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි. විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතය.
එමෙන්ම, ඔලෙයිතුඩාවායි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සඳහා නවීන අධ්‍යාපන පහසුකම් සහිත අංග සම්පූර්ණ සුහුරු පංති කාමරයක් ලබා දීමට අදාළ ලිපි ලේඛන පිළිගැන්වීම, ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව නිවාස 200කට පානීය ජල පහහසුකම් ලබා දීම, ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව මන්නාරම පාලම හරහා තල්ලඩි නගරය තෙක් ඇවිදීමේ මංතීරුවක් සඳහා නව විදුලි පහන් සවි කිරීම, රුපියල් මිලියන 10කට ආසන්න වියදමින් ජලය පහසුවෙන් ගලායෑමට නව ජල මාර්ග නිර්මාණය කර, ගංවතුර වැළැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව ඇළ මාර්ග කැණීම් සිදු කිරීම ආදි ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ලිපි ලේඛන භාර දීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.
ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.(PMD)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart