
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගොනු කරන ලද චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙන්දන් තිදෙනෙකුට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 300,000ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියට අනුව, උල්ලංඝනය කිරීම් සිදු වූයේ පහත ස්ථානවල ය:
ඒකල, ජා-ඇල පිහිටි වෙළඳසැලක් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 308ට වඩා අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළෙන්දාට රු. 100,000ක දඩ මුදලක් ඊයේ (14) නියම විය.
ජා-ඇල පොදු වෙළඳපොළේ අලෙවිසැලක් සම්බා සහල් කිලෝව රුපියල් 275ට වඩා අලෙවි කිරීම නිසා රු. 100,000ක දඩයක් නියම වී තිබේ.
කඳාන පල්ලිය පාරේ වෙළඳසැලක් කීරි සම්බා සහල් කිලෝවක් පාලන මිල ඉක්මවා රුපියල් 280කට අලෙවි කිරීම හේතුවෙන් රු. 100,000ක දඩයක් අධිකරණය නියම කර ඇත.
පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ සාධාරණ වෙළඳපල භාවිතයන් පවත්වා ගැනීම අරමුණු කරගනිමින්, මිල නියාමනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ මිල නියම කිරීමේ නීති උල්ලංඝනය කරන වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart