
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වැනි දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
පාර්ලිමෙන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත් එම තීන්දුව මෙලෙස පෙබරවාරි 11 වැනි දින දක්වා කල්තැබීමට අධිකරණය තීරණය කර ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙලගෙන් සැදුම්ලත් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කෙරිණී.
2022 මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලය පැවති දිනයේදී හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ජයන්ත ගුණවර්ධන නමැත්තන්ට පහරදී ඝාතනය කළ බවට පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා තිබිණී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart