
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත්ම වාහන 300ක් පමණ මාස හයකට වැඩි කාලයක් හම්බන්තොට වරායේ සිරවී ඇති බවත් ශ්‍රී ලංකා රේගුව එම වාහන නිදහස් කිරීම සඳහා ඒවායේ මුල් වටිනාකම මෙන් තුන් ගුණයකට ආසන්න බදු ඉල්ලා සිටීම ඊට හේතුව බවත් එම වාහන පෞද්ගලිකව ආනයනය කරන ලද පිරිස චෝදනා කරති.
එම වාහන ගෙන්වූ වාහන හිමිකරුවන් පවසන්නේ වාහනය මිලදී ගැනීමේ දී එම අවස්ථාවේ පැවති සියලුම ආනයන රෙගුලාසිවලට අනුකූල වූ බවයි.
එහෙත් රේගුව එතැන් සිට අදාළ රේගු බද්දෙන් සියයට 50කට ආසන්න අධිභාරයක් ඇතුළු අමතර බදු පනවා ඇති බවට ඔවුහු චෝදනා කරති.
සිදුවීම් කිහිපයකට අදාළ ආනයනකරුවන් කියා සිටින්නේ ඔවුන්ට ගෙවීමට ඇති මුළු බදු වාහනයකට රුපියල් මිලියන 10 ඉක්මවා ඇති බවයි.
දීර්ඝ කාලීන ප්‍රමාදයට මුහුණදී සිටින හිමිකරුවන් මේ වනවිට මූල්‍යමය පීඩනයකට ද දොදුරු වී තිබේ.
ඔවුන් තර්ක කරන්නේ සංශෝධිත බදු ඉල්ලීම් අසාධාරණ අතර මාස ගණනාවක් තිස්සේ නැවත නැවතත් බලධාරීන්ට අභියාචනා කළද ඔවුන්ගේ වාහන වරායේ සිරවී ඇති බවයි.
මෙම වාහන ආනයනය කරන ලද්දේ බොහෝ අය තම පෞද්ගලික භාවිතය සඳහා වාහන ගෙන ඒමට භාවිත කරන තෙවැනි පාර්ශවීය රටක ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමය භාවිත කරමිනි.
ඔවුන් පවසන්නේ තම වාහන නීතිමය සහ පරිපාලන ගැටළුවලට හසු වී ඇති අතර වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දිනයක් නොමැති බවයි.
බලපෑමට ලක් වූ ආනයනකරුවන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට මැදිහත් වන ලෙසයි.
වාහන තවමත් රඳවාගෙන සිටින නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් සහ සිතින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඔවුහු පැවසූහ.
එක් ආනයනකරුවකු පැවසුවේ, “අපි සියල්ල නීත්‍යනුකූලව කළා. අපි ණයවර ලිපි ගාස්තු, රේගු බදු, වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු සහ ඇපකර පවා ලබා දුන්නා. නමුත් අපගේ වාහන තවමත් වරායේ. ඒකට හේතුව කවුරුත් පැහැදිලි කරන්නේ නැහැ.” යනුවෙනි.
බොහෝ හිමිකරුවන් පැවසුවේ ඔවුන් තම ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් දේ තම පවුල වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීමට භාවිත කළ බවයි.
ඔවුන්ගේ වාහන ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමෙන් පසු නීති වෙනස් වීම නිසා දැන් ඔවුන් ගැටලුවකට පත්ව තිබේ.
“අපේ වාහන මාස හයකට වැඩි කාලයක් හම්බන්තොට තිබෙනවා. මෑත කාලීන සුළි කුණාටුවෙන් පසු, අපගේ වාහන තවමත් එතන තියෙනවද කියලා අපි දන්නේ නැහැ. රේගුව අපට මුකුත් කියන්නේ නැහැ,”තවත් ආනයනකරුවකු පැවසුවේය.
වාහන නිදහස් කිරීම සඳහා රේගුව සියයට 50කට ආසන්න අමතර දඩයක් ගෙවන ලෙස දන්වා ඇති බව ද වාහන හිමිකරුවෝ පවසති.
ඇතැම් අවස්ථාවලදී, එක් වාහනයක් සඳහා මුළු බදු රුපියල් මිලියන 10 ඉක්මවන අතර එය වාහනයේ මුල් මිලට වඩා තුන් ගුණයකින් වැඩි වටිනාකමකි.
“අපි කාර් අලෙවිකරුවන් හරි ව්‍යාපාරිකයන් හරි නෙවෙයි. අපි අපේ ඉතුරුම් භාවිත කරලා හරි ණය අරගත්ත හරි සාමාන්‍ය ජනතාව. දැන් අපට දඬුවම් ලැබෙන්නේ අපේ වරදක් නොවන ප්‍රමාදයන් සහ නීති වෙනස් කිරීම් සඳහායි.” යනුවෙන් තවත් ආනයනකරුවකු පැවසුවේය.
ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසා ඇත්තේ මෙම වාහන තෙවැනි පාර්ශවීය රටක ණයවර ලිපි විවෘත කර ආනයනය සම්බන්ධයෙන් පවතින අධිකරණ නඩුවක කොටසක් බවයි.
නඩුව අවසන් වන තුරු මෙම වාහන නිකුත් කිරීම නවතා ගැසට් පත්‍රයක් නිකුත්කර ඇති බව ඔහු පැවසීය.
කෙසේවෙතත්, හිමිකරුවන්ට විකල්ප දෙකක් ඇති බව ඔහු පැවසීය.
සාමාන්‍ය බදු ගෙවීමෙන් පසු ඔවුන්ට තම වාහන ගෙදර ගෙන යා හැකි නමුත් අධිකරණ නඩුව අවසන් වන තුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ නොහැක.
නැතහොත් තෙවැනි පාර්ශවීය රටක නීති කඩ කිරීම සඳහා දැන් වාහන ලියාපදිංචි කිරීම සඳහා අමතර බදු සහ දඩ මුදල් ගෙවිය යුතුය.
“අධිකරණ නඩුව අවසන් වන තුරු අපට කිසිවක් කරන්න බැහැ,” ඔහු පැවසීය.
වාහන හිමියන් සඳහා, මෙය හොඳ පිළිතුරක් නොවේ.
ඔවුන්ගෙන් එක් අයෙක් ඇසුවේ, “යුක්තිය කොහෙද? අපේ වාහනවලට බදු ගෙවලා නීත්‍යනුකූලව ආනයනය කරලා තිබෙන්නේ. නමුත් දැන් අපට තවත් තවත් නොදන්නා කාලයක් බලා සිටිය යුතු වනවා.” යනුවෙනි.
හම්බන්තොට වරාය දැන් ප්‍රධාන මතභේදයක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර, පවුල් සිය ගණනක් උසාවි නඩු, රේගු තීරණ සහ බරපතළ මූල්‍ය ගැටලු අතර සිරවී සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart