
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මන්ත්රීවරයා විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන්ට චෝදනා කර ඇත්තේ, ආයතනයේ මුදල් පෞද්ගලික පරිහරණය සඳහා අවභාවිත කළ බවටය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වනවිට ක්රියාකරන්නේ එහි සාමාජිකයන්ගේ ප්රයෝජනය සඳහා පමණක් බවත්, ඉදිරියේදී ක්රිකට් ක්රීඩාව දියුණු කිරීමට හෝ ඉදිරියට ගෙනයෑමට ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බව පැහැදිලිව පෙනෙන බවත්, පසුගියදා නිකුත් වූ විගණන වාර්තාවක කරුණු දක්වමින් ඔහු සඳහන් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනුකර ඇති පැමිණිල්ල හරහා ක්රීඩකයන්ට නිදහසේ දස්කම් දැක්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරදීමට කටයුතු කළයුතු බවටද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart