
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 355 දක්වා අවප්‍රමාණ වනු ඇති බවට බ්ලූම්බර්ග් පුවත් සේවය අනාවැකි පළකර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ රුපියල (LKR) වසරේ පළමු භාගයේදී හොඳම මුදල් ඒකකය බවට පත්වීමෙන් පසු, දැන් එය ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වී ඇති බවද බ්ලූම්බර්ග් පුවත් සේවය අනාවරණය කර තිබේ.
බ්ලූම්බර්ග් වෙළඳපොල දත්ත වලට අනුව ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) වන විට අඛණ්ඩව සති දෙකක් තිස්සේ අවප්‍රමාණ වී ඇත.
වසර පහකට ආසන්න කාලයක් තුළ රුපියල සිය දීර්ඝතම දෛනික පාඩුව වාර්තා කරමින් සිටින බවද බ්ලූම්බර්ග් පවසයි.
මෙම තත්වය, රුපියල ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් අත්පත් කරගනිමින්, මේ වසරේ මුල් මාස හය තුළ පෙන්වූ ‘විශිෂ්ට ක්‍රියාකාරිත්වයෙන් සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමක්’ බවද බ්ලූම්බර්ග් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart