
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව විසින් ඊයේ (23) යාපනය, කුඩඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ වටිනාකම රුපියල් මිලියන 28කට අධික කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට වැඩි තොගයක් සොයාගෙන ඇත.
ඒ අනුව, ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර දෙකක් තුළ ඇසුර තිබූ මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ග්‍රෑම් 700ක් පමණ ප්‍රමාණය මෙසේ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙසේ නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart