
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විද්‍යාලයේ අබලන් වූ ගොඩනැගිලි පිළිසකර කර එහි පහසුකම් වැඩිදියුණු කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් නීති අධ්‍යාපන සභාව පියවර ගෙන ඇත.
අලුත්වැඩියා කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබන අතර, අධිකරණ අමාත්‍යාංශයේ ඉංජිනේරුවන්ගේ සහාය සහ උපදෙස් ද ඊට ලබා දී තිබේ.
ඊට අදාළ ගිවිසුම දැනටමත් නීතිපතිවරයා වෙත යවා ඇත.
නීති විද්‍යාල පාඨමාලා ගාස්තු වැඩි කර ඇති අතර, ඊට සමගාමීව සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට ද පියවර ගනිමින් සිටින බව නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සඳහන් කරයි.
වසර 100කට වඩා පැරණි විද්‍යාල පුස්තකාලයේ සම්පත් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතී.
ලබන වසරේ විද්‍යාලය සිය 150 වැනි සංවත්සරය සමරන විට සිසුන් සඳහා තවත් පහසුකම් රැසක් ලබා දෙන බව විදුහල්පතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart