
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ හිම සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයක වාහන 50ක් පමණ එකිනෙක ගැටීමෙන් සිදු වූ දැවැන්ත රිය අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගුන්මා ප්රාන්ත අධිවේගී මාර්ග පොලිසිය පැවසුවේ ටෝකියෝවේ සිට කිලෝමීටර් 160ක් වයඹ දෙසින් පිහිටි මිනකාමි නගරයේදී ට්රක් රථ දෙකක් ඊයේ පස්වරුවේ ගැටීමෙන් කාන්-එට්සු අධිවේගී මාර්ගයේ රථවාහන තදබදය ආරම්භ වූ බවයි.
ටෝකියෝවේ සිට පැමිණි 77 හැවිරිදි කාන්තාවක් අනතුරින් මිය ගිය බව පොලිසිය පැවසීය.
තුවාල ලැබූ 26 දෙනාගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
වසර අවසාන නිවාඩු සමය ආරම්භ වීමත් සමඟ සිකුරාදා අගභාගයේදී සිදු වූ ට්රක් රථ අනතුරින් අධිවේගී මාර්ගයේ කොටස් අවහිර වූ අතර, ඒවා පිටුපසින් පැමිණි මෝටර් රථවලට හිම සහිත මතුපිට තිරිංග ක්රියාත්මක කර ගැනීමට නොහැකි වීමෙන් රථවාහන 50කට වැඩි ගණනක් ගැටී ඇති බව පොලිසිය පැවසීය.
රථ වාහන ගොඩේ ඈත කෙළවරේ ගින්නක් හටගෙන, සෙසු වාහන පුරා පැතිර ගිය අතර, ඇතැම් වාහන සම්පූර්ණයෙන්ම පිළිස්සී ගියේය.
පැය හතකට පමණ පසු නිවා දැමූ ගින්නෙන් කිසිවකුට තුවාල සිදු නොවූ බව පොලිසිය පැවසීය.
බොහෝ ජපන් ජාතිකයන් ඔවුන්ගේ වසර අවසාන සහ අලුත් අවුරුදු නිවාඩු සිකුරාදා අග භාගයේදී ආරම්භ කරන අවස්ථාවේ අධික හිම පතනය පිළිබඳ අනතුරු ඇඟවීමක් ක්රියාත්මක විය.
පොලිස් පරීක්ෂණ, සුන්බුන් ඉවත් කිරීම සහ පිරිසිදු කිරීම සඳහා අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් වසා දමා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart