
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් කිසිදු ව්‍යාපාරයකට සහාය දැක්වීමට එකඟ නොවූ බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.
සාගර කාරියවසම් මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
මේ අතර, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් ජනවරම බවද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart